රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ දැමීමට අමතරව ඔවුන්ට හිමිවන බොහෝ අත්‍යවශ්‍ය දීමනා 100% කින් වැඩි කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම සහනය 2027 අයවැය ලේඛනය හරහා ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මේ බව පැවසූ තැන

කොළඹ, මාලිගාවත්ත පී.ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ පැවැති වෘත්තීය සමිති ජාතික සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මෙම කරුණු අනාවරණය කළ බව සඳහන් වේ.