විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත කිසිදු සංශෝධනයක් නොමැතිව සහ ඡන්ද විමසීමකින් තොරව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් බව වාර්තා වේ.

මෙම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද පස්වරු 6.00 සිට 6.30 දක්වා පැවැත්වුණු අතර, අනතුරුව එය මෙලෙස සම්මත වී ඇත.

අය වැය විවාදය අතරතුර ගත් තීරණ

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 02 වැනි දිනය අදට යෙදී තිබුණු අතර, එම අය වැය යෝජනා විවාදය අතරතුරදීම මෙම පනත සම්මත කරගෙන තිබේ.

මීට අමතරව අද දිනයේ විවාදයට ගැනුණු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂයද ඡන්ද විමසීමකින් තොරව සහ කිසිදු සංශෝධනයක් රහිතව සම්මත වූ බව සඳහන් වේ.