බංග්ලාදේශයේ ඇඟලුම් කම්කරුවන්ගේ විරෝධතා ඇතුළුව එරට පවතින වත්මන් වාතාවරණය පිළිබඳව ඉන්දියාව ඉතා සමීපව අවධානය යොමු කරමින් සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කර තිබේ.
නවදිල්ලියෙන් ධනාත්මක පණිවිඩයක්
නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, පවතින තත්ත්වය හමුවේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් බංග්ලාදේශය තුළ විවිධ වර්ධනයන් සිදුවෙමින් පවතින බවයි.
කෙසේ වෙතත්, ඩකා පාලනය සමග සාධනීය මෙන්ම ධනාත්මක සබඳතාවක් දිගටම පවත්වාගෙන යාමට නවදිල්ලිය සූදානමින් සිටින බවද ඔහු නැවත වරක් තහවුරු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





