පසුගිය මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයට දැඩි පසුබෑමක් එල්ල වූ අතරතුර, ධවල මන්දිරය විසින් අමුතුම ආකාරයේ පණිවිඩයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බව එමගින් මතක් කර දී ඇත.
මෙම මැතිවරණයේදී අමෙරිකානු ජනතාව විශාල වශයෙන් ඩිමොක්රටික් පක්ෂයට සහය දක්වා තිබේ. ඒ අනුව දශකයකින් නොදුටු පෙරළියක් කරමින් කොන්ග්‍රසයේ සභාව සහ සෙනෙට් සභාව යන දෙකෙහිම බලය නැවත ලබාගැනීමට ඩිමොක්රටික් පාක්ෂිකයින්ට හැකි වී තිබේ.
සමාජ මාධ්‍යවල පළවූ ඡායාරූපය
ධවල මන්දිරය සිය නිල සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ප්‍රවේශම් වන්න, ට්‍රම්ප් තවමත් ඔබේ ජනාධිපතිවරයාය යනුවෙන් සටහන් කර ඇත.
එම සටහන සමග සිය කාර්යාලයේ මේසය මත අත් තබාගෙන ඉදිරිය බලා සිටින ජනාධිපති ට්‍රම්ප්ගේ ඡායාරූපයක්ද එක්කර තිබේ. ඊට අමතරව මෙම කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම ගැන ස්තූතියි යන සුපුරුදු වදනද එහි දක්වා ඇතැයි සඳහන් වේ.






