ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නිරාකරණය කිරීම සඳහා මැදිහත් වී සිටින කටාර් අග්රාමාත්යවරයා මෙන්ම සෙසු පාර්ශ්වයන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්රම්ප් මෙම ප්රකාශය කර තිබේ.
එම සාකච්ඡාවලින් අනතුරුව අදහස් දැක්වූ ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටියේ, මෙම යුද්ධය අවසන් කිරීමට අදාළව සාධනීය ප්රගතියක් මේ වන විට දැකගැනීමට හැකි බවයි.
යළි ප්රහාර එල්ල වීමේ ප්රවණතාව අඩුයි
තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉරානය වෙත නැවතත් ප්රහාර එල්ල වීමේ හැකියාව ඉතා පහළ මට්ටමක පවතින බවයි. ඒ අනුව මෙම ගැටුම්කාරී වාතාවරණය මේ වන විටත් ඵලදායී ලෙස නිමාවට පත්ව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉරානයේ ස්ථාවරය
කෙසේ වෙතත්, ඇමෙරිකාව මගින් ක්රියාත්මක කර ඇති නාවික අවහිරතා ඉවත් කරගන්නා තෙක් සාමකාමී වාතාවරණයක් පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීම අවිනිශ්චිත කරුණක් බව ඉරාන නායකත්වය පැහැදිලි කර ඇතැයි වාර්තා වේ.






