මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරදක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ දන්වා සිටියේය.
මේ වනවිට ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍යවරයාට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව විමර්ශන නිලධාරීන් මෙහිදී අධිකරණයට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ලක්ෂ 573 ක අයථා ඉපැයීමක් ගැන චෝදනා
ක්‍රීඩා අමාත්‍යාංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය සහ පශු සම්පත් අමාත්‍යාංශය භාරව කටයුතු කළ රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍රසිරි බණ්ඩාර රත්නායක නමැති අයට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.
රුපියල් ලක්ෂ 573 ට අධික මුදලක් අයථා ලෙස ඉපැයූ බවට අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය මඟින් මෙම විමර්ශනය සිදු කර ඇත.
ඊළඟට කුමක්ද?
සිද්ධියට අදාළ වැඩිදුර වාර්තා කැඳවීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් නඩුව පෙබරවාරි 23 වන දින යළි කැඳවීමට නියෝග කරන ලදී.






