හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසින හැටන් ඔයේ සැඩ පහරට හසුව ඊයේ (09) කුඩා ලොරි රථයක් ගසාගෙන ගොස් තිබුණි. එලෙස සැඩ පහරට ගසාගෙන ගිය ලොරි රථය හැටන් ඔය හරහා වැටී තිබූ ගසක සිරවී තිබියදී අද (10) උදෑසන එහි හිමිකරු විසින්ම සොයාගත් බව වාර්තා වේ.
අධික වැස්සෙන් නිවාස 50කටත් හානි
හැටන් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මෙම කුඩා ලොරි රථය ජල පහරට හසුව තිබුණේ ඊයේ (09) පස්වරු කාලයේදීය. ඒ වන විට එය හැටන් රොතැස් ප්‍රදේශයේ නවත්වා තිබී ඇත.
මේ අතර හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් රොතැස් ප්‍රදේශයේ පහත්බිම්වල පිහිටි නිවාස 50ක් පමණ ජලයෙන් යටවූ බවද වාර්තා විය.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





