එන්වීඩියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ජෙන්සන් හුවාං යළි පත් කරන ලෙස එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බලපෑම් කළ බව වාර්තා වේ. ඩිමොක්‍රසි ඩිෆෙන්ඩර්ස් ෆන්ඩ් (DDF) සංවිධානයට අනුව, මෙම ක්‍රියාවත් සමග සමාගමේ කොටස් වටිනාකම සියයට 33කින් ඉහළ ගොස් ඇති අතර එමගින් ට්‍රම්ප්ගේ පෞද්ගලික ධනය ඩොලර් මිලියන 15කින් හෙවත් පවුම් මිලියන 11.4කින් ඉහළ ගොස් තිබේ.

චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ඔත්තුකාරියක බව පැවසෙන ඇලිස් හුවාං සමග පැවති අනියම් සබඳතාවක් හේතුවෙන් ජෙන්සන් හුවාංට ඉල්ලා අස්වීමට සිදුවිය. ඔහු චීනයට නීතිවිරෝධී ලෙස එන්වීඩියා අර්ධ සන්නායක යැවීමේ ජාලයකට සම්බන්ධ බවට සැක කෙරෙන අතර, ඔහු ඉල්ලා අස්වී දින 11කට පසු යළි පත් කරන ලෙස ට්‍රම්ප් මෙලෙස බලපෑම් කර ඇත.

ජාතික ආරක්ෂාව ගැන නැගෙන චෝදනා

හිටපු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කථානායක නිව්ට් ගින්ග්‍රිච් එක්ස් (X) පණිවුඩයක් තබමින් සඳහන් කළේ, චීන කොමියුනිස්ට් ඔත්තුකාරියක සමග සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු ලොව දියුණුම චිප් සමාගමේ ප්‍රධානියා ලෙස යළි පත් කිරීම බරපතළ වරදක් බවයි. මෙය විශාල ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස කොංග්‍රසය විමර්ශනය කළ යුතු බවද ඔහු කියා සිටියේය.

කැම්පේන් ලීගල් සෙන්ටර් හි බ්‍රෙන්ඩන් ෆිෂර් පැවසුවේ ජනාධිපතිවරයා සිය ප්‍රවේශය වෙනස් නොකරන බවයි. හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ පාලන සමයේ ධවල මන්දිර ආචාරධර්ම නීතිඥයෙකු වූ රිචඩ් පේන්ටර් සඳහන් කළේ පෞද්ගලික ව්‍යාපාරවලට මැදිහත් නොවීමේ අමෙරිකානු සම්ප්‍රදායට එරෙහිව ට්‍රම්ප් කටයුතු කර ඇති බවයි.

“මෙය අමෙරිකානු ඉතිහාසයේ කවදාවත් නොදුටු ආකාරයේ දූෂණ වංචාවක්. ඕවල් කාර්යාලයේ සිටම සිදු කරන පැහැදිලි වෙළෙඳපොළ හැසිරවීමක සහ අභ්‍යන්තර තොරතුරු මත කොටස් ගනුදෙනු කිරීමක ස්වරූපය මෙහි තිබෙනවා. කිසිවෙකු, ජනාධිපතිවරයා පවා, නීතියට ඉහළින් නැහැ. කොංග්‍රසය මෙය විමර්ශනය කර මීට සම්බන්ධ සියලු දෙනා වගකිවයුතු කළ යුතුයි”නෝම් අයිසන්

කොටස් ගනුදෙනු සහ මූල්‍ය වාසි

ට්‍රම්ප් සතුව එන්වීඩියා කොටස් පවතින අතර, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් මීට පෙර මෙහෙයවූ කැන්ටර් ෆිට්ස්ජෙරල්ඩ් සමාගම සතුව ද කොටස් තිබේ. අර්බුදයට පෙර ඩොලර් මිලියන 62ක්ව පැවති ට්‍රම්ප්ගේ කොටස් වටිනාකම, හුවාංගේ ඉල්ලා අස්වීමෙන් පහත වැටී ඔහු නැවත පත් කිරීමත් සමග යළි ඉහළ ගියේය.

ට්‍රම්ප්ගේ පුත්‍රයා පාලනය කරන භාරය හරහා ධවල මන්දිරයට යළි පැමිණි පසු සිය වතාවකට වඩා එන්වීඩියා කොටස් ගනුදෙනු කර ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 97.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව DDF පවසයි. එසේම එන්වීඩියා සමාගම ට්‍රම්ප්ගේ ධවල මන්දිර උත්සව ශාලා ව්‍යාපෘතියට ඩොලර් මිලියන 25ක් සහ පදවි ප්‍රාප්ති අරමුදලට ඩොලර් මිලියනයක් ලබා දී තිබේ.