චීනයේ විශේෂ පරිපාලන කලාපයක් වන මැකාවුහි පැවති පළමු ජාතික ආරක්ෂක නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව හිටපු මන්ත්‍රීවරයෙකු වන අවු කාම් සැන්ට වසර 12 හමාරක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නඩු විභාගය රහසිගතව පවත්වා ඇති අතර, රාජ්‍ය බලය පෙරළීමට කුමන්ත්‍රණය කිරීම, රහස්‍යභාවය උල්ලංඝනය කිරීම සහ විදේශීය පාර්ශ්ව සමඟ එක්ව කටයුතු කිරීම යන චෝදනාවලට ඔහු වරදකරු බව මැකාවු අධිකරණය තීරණය කර ඇත.
නීතිය සහ එල්ල වූ චෝදනා
මැකාවු ප්‍රදේශයේ 2009 වසරේදී ජාතික ආරක්ෂක නීතිය හඳුන්වා දීමෙන් පසු එම නීතිය යටතේ ප්‍රසිද්ධියට පත් වූ පළමු නඩු පැවරීම මෙය ලෙස සැලකේ. අවු කාම් සැන් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2025 වසරේදීය.
මැකාවු ප්‍රදේශයෙන් පිටත සංවිධාන, කණ්ඩායම් හෝ විවිධ පුද්ගලයන් සමඟ සබඳතා පවත්වමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියා සිදුකිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
පවුලේ අයගෙන් චෝදනා
ඔහු අත්අඩංගුවට ගත් පසු පවුලේ සාමාජිකයන් සමඟ කිසිදු සම්බන්ධතාවක් පැවැත්වීමට හෝ පෞද්ගලික නීතිඥ සහාය ලබා ගැනීමට ඉඩ ලබා නොදුන් බව ඔහුගේ පවුලේ ඥාතීන් චෝදනා කර සිටී.
මෙම සමස්ත නඩු ක්‍රියාමාර්ගය, හොංකොංහි ප්රජාතන්ත්රවාදී ව්‍යාපාරය මර්දනය කිරීමට චීනය ක්‍රියා කළ ආකාරයට බොහෝ දුරට සමාන ලක්ෂණ පෙන්නුම් කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.






