ස්පාඤ්ඤයේ කම්කරුවන් සියලු දෙනා එක්ව රට පුරා දැවැන්ත වැඩවර්ජනයක් අරඹා තිබේ. මෙය පසුගිය වසර 14ක කාලය තුළ එරට වාර්තා වූ විශාලතම වැඩවර්ජනය බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.
විරෝධයට හේතු වූ කරුණු
මෙම දැවැන්ත වර්ජනයට මූලිකම හේතුව වී ඇත්තේ ස්පාඤ්ඤය තුළ උග්‍ර වී ඇති නිවාස අර්බුදය සහ නිවාස කුලී අධික ලෙස ඉහළ යාමයි. මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වේ.
මහ බැංකුව අනතුරු අඟවයි
මේ වන විටත් එරට තුළ නිවාස ලක්ෂ 7.5කට අධික හිඟයක් පවතින බව අනාවරණය වී ඇත. එමෙන්ම මෙම අර්බුදය තවත් උග්‍ර වෙමින් 2028 වසර වන විට නිවාස හිඟය මිලියනයක් දක්වා ඉහළ යා හැකි බවට ස්පාඤ්ඤ මහ බැංකුව පුරෝකථනය කර තිබේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





