අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ යාම පාලනය කරගැනීමට කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත. ඒ ඔස්සේ තත්පරයට ඝන මීටර් 15000 ක ජල ප්රමාණයක් මහවැලි ගඟේ කොත්මලා ඔයට මුදාහැරීමට කටයුතු කර තිබේ.
අද පෙරවරු 11.30 ට මෙම ජල කඳ නිදහස් කිරීම සිදුකර ඇති අතර, පවතින වැසි තත්ත්වය මත මෙලෙස වරින් වර ජලය නිකුත් කිරීමට සිදුවන බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු චතුර අරඹපොළ පවසයි.
පහළ ප්රදේශවලට අනතුරු ඇඟවීම්
මේ හේතුවෙන් ජලාශයට පහළින් පිහිටි මාවතර, උලපනේ, ගම්පොළ, ගෙලිඔය සහ පේරාදෙණිය වැනි ප්රදේශවල ජීවත්වන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
දිට්වා සුළි කුණාටුව පැවති අවස්ථාවේ ජලය පාලනය කරගත නොහැකිව එක්වරම වාන් දොරටු විවෘත කිරීම නිසා ගම්පොළ, ගෙලිඔය සහ පේරාදෙණිය යන නගර ජලයෙන් යටවී විශාල හානියක් සිදුවිය. එවැනි තත්ත්වයක් යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා මෙම හදිසි පියවර ගත් බව ඉංජිනේරුවරයා සඳහන් කරයි.
වර්ග කිලෝමීටර 544 ක ජල පෝෂක ප්රදේශයකින් යුත් කොත්මලේ ජලාශයේ සම්පූර්ණ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 170,898 කි.






