ලෝක සිනමාවට දැවැන්ත ආගමනයක් සනිටුහන් කරමින් 'රාමායණ' චිත්රපටය තිරගත කිරීම් ආරම්භ කර 08 වන දින වන විට ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි 1,033.55ක බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ.
මෙම සුවිශේෂී ආදායම් වාර්තාවත් සමඟ ගෝලීය වශයෙන් රුපියල් කෝටි 1,000 සීමාව පසුකළ තුන්වන වේගවත්ම ඉන්දීය චිත්රපටය බවටද මෙය පත්ව ඇති බව සඳහන් වේ.
ඉන්දියාවෙන් ලැබුණු ආදායම
වාර්තා වන අන්දමට මෙම මුදලින් ඉන්දියාව තුළ උපයා ඇති මුළු ආදායම රුපියල් කෝටි 675.05ක් වේ. එහි ශුද්ධ ආදායම සටහන් වන්නේ රුපියල් කෝටි 564.60ක් වශයෙනි.
වේගවත්ම චිත්රපට අතරට
'ධුරන්දර් 2' සහ 'පුෂ්පා 2' යන චිත්රපට තිරගත කිරීම ආරම්භ කර දින 07ක් ඇතුළත ලොව පුරා රුපියල් කෝටි 1,000ක ආදායමක් උපයාගෙන තිබුණි.
'රාමායණ' චිත්රපටය දින 08ක් තුළ මෙම ඉලක්කය සපුරාගත් අතර, 'බාහුබාලි 2' චිත්රපටයට ඒ සඳහා දින 10ත් 11ත් අතර කාලයක් ගතවූ බව දැක්වේ.
රුපියල් කෝටි 1,000ක් උපයාගත් චිත්රපට ලැයිස්තුවට 'දංගල්', 'ධුරන්දර් 2', 'බාහුබාලි 2', 'පුෂ්පා 2', 'ධුරන්දර්', 'RRR', 'KGF Chapter 2', 'ජවාන්', 'පතාන්' සහ 'කල්කි 2898 AD' වැනි චිත්රපට ඇතුළත් වේ.






