ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් බළන්ගොඩ කස්සප හිමියන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර තිබිණි. ඉන් අනතුරුව උන්වහන්සේ මහේස්ත්රාත්වරයාට සහ අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදු කළ බව කියමින් ත්‍රිකුණාමලය අධිකරණ සංකීර්ණයේ නීතිඥවරු මෙලෙස විරෝධතාව පළ කළහ.
නීත්‍යනුකූල නියෝගයක් බව නීතිඥවරු කියති
අදාළ හිමිනම මාධ්‍ය හරහා සිදු කළ ප්‍රකාශය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදුව ඇති බව විරෝධතාවයේ නිරත නීතිඥවරුන් පෙන්වා දුන් බව වාර්තා වේ.
නඩුවකට පෙනී නොසිටි අවස්ථාවක මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇත්තේ සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල නියෝගයක් බව ද ඔවුහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ.
නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක්
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ත්‍රිකුණාමල ශාඛාවේ සභාපති නීතිඥ ඒ.එස්.එම් රපීස් මහතා සඳහන් කළේ, ත්‍රිකුණාමල මහේස්ත්රාත්වරයාට සහ අධිකරණයට එරෙහිව කරන ලද ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි. එමෙන්ම මේ ගැන නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද ඒ මහතා පවසා තිබේ.






