පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කර තිබේ. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් සිදුව ඇත.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද, ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.
දක්ෂතාවට මුල්තැන දෙන්න
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දායක වූ හිටපු ක්‍රීඩකයන්ට විවෘතව අදහස් දැක්වීමට අවස්ථාව ලබා දිය යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එවැනි විවෘත වේදිකාවක් තුළින් තේරීම්වල විනිවිදභාවය තහවුරු වන බව ඔහු පෙන්වා දෙයි.
ඇසට නොපෙනෙන කරුණු වෙනුවට දක්ෂතා සහ ලකුණු රැස්කිරීම වැනි කාරණා ගැන අවධානය යොමු කළ යුතුය. ග්‍රාමීය ප්‍රදේශ මඟහැර එක්තරා පාසල් කිහිපයකට පමණක් පක්ෂග්රාහී වන තත්ත්වයන් නතර කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.
70-80 දශකවල බටහිර ඉන්දීය කොදෙව් පිල ඉදිරියට ආවේ දක්ෂතාවට මුල්තැන දීමෙන් බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස, ක්‍රිකට් ක්ෂේත්රයේ දේශපාලනීකරණය නැති කිරීමට දරන උත්සාහය පැසසුමට ලක් කළේය.
ICC කොන්දේසි ගැන පැහැදිලි කිරීමක්
ජාත්‍යන්තර මට්ටමින් ලංකාවට ක්‍රිකට් තරගාවලි නොමැති බවට ලැබුණු තොරතුරුවල සත්‍ය අසත්‍යතාව හෙළිදරව් කළ යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය. සමාජගත වන මෙවැනි කරුණු ගැන නිවැරදි පැහැදිලි කිරීමක් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
නව පනත සංශෝධනයෙන් පසු ICC එකඟ නොවුවහොත් සිදුවන දේ ගැන සොයා බැලිය යුතු බවත්, එවැනි ගැටලුවක් මතු නොවන පරිදි කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.






