ශ්‍රී ලංකා පොලීසිය විසින් අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම වෙනුවෙන් දිවයින පුරා දැවැන්ත විශේෂ මෙහෙයුම් මාලාවක් දියත් කර තිබේ. කොට්ඨාස මට්ටමින් සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

පරීක්ෂා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම්

ඊයේ (04) දින වාර්තාවට අනුව පුද්ගලයින් 26,868 දෙනෙකු මෙහෙයුම් අතරතුර පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී සැකපිට පුද්ගලයින් 410 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම විශේෂ මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස අපරාධ සඳහා සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 23 දෙනෙකු නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වී තිබේ.