දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව මේ වන විට තත්පරයට ඝන අඩි 4100ක ජල ධාරිතාවක් දැදුරුඔය වෙත මුදා හරිමින් පවතින බව සඳහන් වේ.
පහළ නිම්නයේ ජනතාවට අවවාදයක්
ජලාශයට ගලා එන ජල ප්රමාණය සහ පවතින වර්ෂාපතනය සලකා බලා වාන් දොරටු විවෘත කරන ප්රමාණය තවදුරටත් වෙනස් වීමට ඉඩ ඇති බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ හේතුව නිසා දැදුරු ඔය පහළ ප්රදේශයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





