දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ දොළක ගිලී අතුරුදන්ව සිටි අනෙක් පුද්ගලයාගේ සිරුරත් හමුවූ බව පොලිසිය පවසයි. ඒ අනුව මෙම අවාසනාවන්ත සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සැඩ පහරට හසුවූ විනෝද චාරිකාව
විනෝද චාරිකාවක් සඳහා දෙණියාය ප්‍රදේශයට පැමිණි පිරිසක් ඊයේ (07) දිනයේදී දොළ මාර්ගයක දිය නාමින් සිට ඇත. එහිදී එක්වරම ජල ධාරාව වැඩිවීම හේතුවෙන් ඔවුන් සැඩ පහරට ගසාගෙන ගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පරිගණක ආයතනයක සේවය කරන පිරිසකි.
දෙදෙනෙකු රෝහලේ: සිරුරු හමුවූ අයුරු
ජල පහරට හසුව ගසාගෙන ගිය 06 දෙනා අතුරින් පුද්ගලයන් දෙදෙනෙකු නැවත ගොඩට පැමිණ තිබේ. බරපතල තුවාල ලබා සිටි එම දෙදෙනා වහාම රෝහල් ගතකර ඇති අතර, ඉතිරි සිව්දෙනා අතුරුදන්ව සිටියහ.
අතුරුදන් වූවන්ගෙන් තිදෙනෙකුගේ සිරුරු අද පෙරවරුවේ හමුවූ අතර, ඉතිරිව සිටි අනෙක් පුද්ගලයාගේ මළසිරුර අද සවස්වරුවේ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.






