මාතලේ දුම්රිය මාර්ගයේ පේරාදෙණිය හා සරසවි උයන අතර මහවැලි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය. ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.
ඉන්දීය ණය ආධාර සහ නව සැලසුම්
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් දුම්රිය යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම හා සංවර්ධනය සඳහා වන ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලැබේ. මාතලේ දුම්රිය මාර්ගය ජාතික දුම්රිය ජාලය සමඟ ඒකාබද්ධ කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මීට අමතරව මහනුවර මහනගර ප්‍රදේශය ආවරණය වන පරිදි පුළුල් තදාසන්න දුම්රිය ජාලයක් සංවර්ධනය කිරීමට අදාළ ශක්‍යතා අධ්‍යයනයක් ද මේ වනවිට සිදුකෙරේ. ඒ අනුව කඩුගන්නාව සිට පේරාදෙණිය හරහා ගම්පොල දක්වාත්, පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා මාතලේ දුම්රිය මාර්ගයත් ද්විත්ව මාර්ග බවට පත්කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.






