සම්බුද්ධ දේශනාවේ හරය එක්තැන් කරමින් මෙරට කලාවට සුභාවිත ගී රැසක් දායාද කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ට පුණ්‍යානුමෝදනා කිරීම වෙනුවෙන් මෙම පිංකම සංවිධාන කර තිබුණි. ඒ අනුව භික්ෂූන් වහන්සේ උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම සිදුකෙරිණි.
මෙම පුණ්‍යකර්මය සඳහා දෙරණ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ දිලිත් ජයවීර මහතා, දෙරණ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන්, සේවක මණ්ඩලය මෙන්ම සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
සඟ පරපුර ගැන මහාචාර්ය හිමියන් කළ ප්‍රකාශය
ඩිජිටල් අවකාශය හරහා සිදුවන වැරදි සන්නිවේදනය හේතුවෙන් නූතන ශ්‍රී ලාංකීය සඟ පරපුර සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් සමාජගතව ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.






