හොරණ දික්හේන මාර්ගයේ එළවැල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොස් ගසක ගැටී තිබේ. අනතුර නිසා යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයා බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගිය බව හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

මෙම අවාසනාවන්ත අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කසුන් චතුරංග මහතන්තිරි නමැති අයෙකි. ගැටීමේ ප්‍රබලත්වය නිසා යතුරුපැදියට දැඩි හානි සිදුව ඇති අතර, එහි කොටස් පවා ගැලවී විසිවී ගොස් තිබූ බව වාර්තා වේ.

දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්

අනතුරින් මියගිය කසුන් චතුරංග මහතා නිවාස පින්තාරු කිරීමේ රැකියාව කරමින් සිටි අවිවාහක තරුණයෙකි. ඔහු ප්‍රදේශයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලා සිටි අයෙකු බව සඳහන් වේ.