2025 වසරේ අයවැයෙන් ඉහළ මුදලක් වෙන් කර තිබූ ප්‍රධාන යෝජනා 36 අතුරින් 14ක්, එනම් 40%කට ආසන්න ප්‍රමාණයක් සතුටුදායක මට්ටමින් ක්‍රියාත්මක කර නැති බව වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත් කළ අලුත්ම තොරතුරු මඟින් අනාවරණය කරගෙන තිබේ.
එසේ වුවත්, සම්පූර්ණ කරන ලද යෝජනාවල ප්‍රතිශතය පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන බව වාර්තා වේ. 2024 වසරේ සියයට 17ක්ව පැවති එම අගය 2025 වන විට සියයට 33 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2017 වසරේ සිට අයවැය නිරීක්ෂණය ඇරඹූ පසු වාර්තා වූ ඉහළම අගය ලෙස සැලකේ.
කාලය අඩු වුණත් අත්කරගත් ප්‍රගතිය
සමස්තයක් වශයෙන් ගත් කල යෝජනාවලින් සියයට 41ක් සම්පූර්ණයෙන්ම හෝ සැලකිය යුතු ලෙස ක්‍රියාත්මක කර ඇති බවත්, එසේ සම්පූර්ණ කළ යෝජනා ගණන 15ක් බවත් සඳහන් වේ. ඉකුත් වසරේ අයවැය ඉදිරිපත් කර තිබුණේ පෙබරවාරි මාසයේදීය. ඒ අනුව සාමාන්‍ය කාලයට වඩා අඩු කාලයක් තුළ මෙම ප්‍රගතිය අත්කරගෙන ඇති බව එම වාර්තාවේ දැක්වේ.
තවත් සියයට 19ක් වන යෝජනා 7ක ප්‍රගතිය මැන බැලීමට තරම් ප්‍රමාණවත් තොරතුරු නොලැබීම හේතුවෙන් ඒවා “හෙළි කර නැත” යනුවෙන් නම් කර ඇත. එක් යෝජනාවකට රුපියල් මිලියන 500ක් හෝ ඊට වැඩි මුදලක් වෙන් කළ යෝජනා 36ක් මේ සඳහා ඇගයීමට ලක් කර ඇති අතර, ඒ වෙනුවෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 212කි.






