බලයට පත්වීමට පෙර පාසල් උපකරණ, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පනවා ඇති වැට් (VAT) බද්ද ඉවත් කරන බවට පොරොන්දු වුවද වත්මන් ආණ්ඩුවට තවමත් එය ඉටු කිරීමට හැකි වී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. වී. චානක සහ චානක මාදුගොඩ යන මහත්වරුන් සමඟ අද (05) පාර්ලිමේන්තුවේදී පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.
ජීවන වියදම සහ අලුත් බදු
රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කිරීමට, දරුවන්ගේ අධ්‍යාපන වියදම් අඩු කිරීමට හෝ ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආණ්ඩුව කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. එමෙන්ම උද්ධමනය 8% ඉක්මවා ගොස් ඇති අතර මේ මාසයේදීත් එය තවදුරටත් ඉහළ යමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
තම කාලයේ බදු වැඩි නොකළ බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, පොරොන්දු වූ පරිදි වැට් බදු ඉවත් නොකර ජනතාවගේ බැංකු පොලියට, වාහනවලට මෙන්ම තොරතුරු තාක්ෂණ (IT) සහ උපදේශන සේවාවලට අලුතින් බදු පනවා ඇති බවට නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් චෝදනා කළේය.
“ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න, දරාගත හැකි තැනකට මේ රටේ ජීවන වියදම ගේන්න, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට යන වියදම යම් ප්‍රමාණයක් අවම කරන්න, ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් අද වෙනකන් මේ කාලය තුළ ක්‍රියාත්මක කරලා නෑ. උද්ධමනය 8%ත් ඉක්මවා ගිහින්. මේ මාසය තුළත් එය වැඩිවෙමින් පවතී.”නාමල් රාජපක්ෂ






