අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වන අතර, එම විවාදය දෙසැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර, සෙනසුරාදා දිනය ද ඇතුළත්ව සෑම දිනකම පෙ.ව. 9.30ට අයවැය විවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව සඳහන් වේ.

දෙවනවර කියවීම සම්මත වූ හැටි

මේ අතර අයවැය දෙවනවර කියවීම ඊයේ (20) පස්වරුවේ වැඩි ඡන්ද 97කින් සම්මත විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව හිමි වූයේ ඡන්ද 60ක් පමණි.

ඊළඟට කුමක්ද?

2027 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14 වනදා පස්වරු 6.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.