නොවැම්බර් 14 වැනිදා බලපිටියේදී පැවති ප්රමුඛ පෙළේ සුඛෝපභෝගී හෝටලයක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා මේ බව සඳහන් කළේය. මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙන්ම ජපාන ආයෝජකයන් සහ දේශීය ව්‍යාපාරිකයන් පිරිසක් ද එක්ව සිටි බව වාර්තා වේ.
මෙම නව හෝටලය ඩොලර් මිලියන 200ක ජපාන ආයෝජනයක් යටතේ ඉදිකෙරෙන, බුටික් වර්ගයේ හෝටල් 10කින් සමන්විත ව්‍යාපෘතියක තුන්වැනි සංචාරක නිකේතනය බව ද සඳහන් වේ.
ආයෝජකයන්ගේ ආරක්ෂාව සහ වෙනස්කම්
පසුගිය කාලවලදී විදෙස් ආයෝජකයන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බවත්, ඇතැමුන්ට මුදල් පවා අහිමි වූ බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එහෙත් වත්මන් ආණ්ඩුව යටතේ ආයෝජනය කරන සෑම මුදලකටම නීතිමය ආරක්ෂාව සලසන බවත්, දේශපාලනඥයන්ට හෝ නිලධාරීන්ට සන්තෝසම් මුදල් දීමට අවශ්‍ය නොවන බවත් හෙතෙම පැවසීය.
එසේම බැංකු ක්ෂේත්රය ඇතුළු ආයතනවල පවතින යල් පැනගිය ක්‍රමවේද වෙනස් කරමින්, ආයෝජනවලට හිතකර ප්‍රතිසංස්කරණ ගෙන ඒමට රජයේ අවධානය යොමුව ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
“පසුගිය ආණ්ඩු රට පාලනය කළ කාලවලදී විදෙස් ආයෝජකයන්ට විවිධ අකටයුතුකම්වලට සහ ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවූ බව අප දන්නවා. අප එකල විපක්ෂයේ සිටියදී ත් ඒවාට එරෙහිව කතා කළා. දැන් අප ආණ්ඩුවක් හැටියට විදෙස් ආයෝජකයන්ට එරෙහි සියලු ක්‍රියාමාර්ගවලට වැට බැඳීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.”අශෝක රන්වල






