විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සෙමිහ් ලුට්ෆු තුර්ගුට් අතර අද දින මෙම ඵලදායී සාකච්ඡාව පැවැත්වුණු බව වාර්තා වේ.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෑතකදී සිදු කළ තුර්කි සංචාරයේදී ක්ෂේත්‍ර හයකට අදාළව දේශපාලන සබඳතා යළි සක්‍රීය කර ගැනීමට හැකි විය. එම සංචාරය අතරතුර අත්සන් තබන ලද ද්විපාර්ශ්වික ගිවිසුම් දෙක නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු විය. එමෙන්ම අවසන් කිරීමට නියමිතව ඇති සෙසු ද්විපාර්ශ්වික ගිවිසුම් ද කඩිනමින් නිම කිරීමට දෙපාර්ශ්වය එකඟතාව පළ කර ඇත.
වෙළෙඳාම සහ ආර්ථික සබඳතා
ගෝලීය වෙළෙඳපොළේ වෙනස්කම් මධ්‍යයේ වුවද තුර්කිය වෙත සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ තේ අපනයනය මෑතකදී වර්ධනය වීම සම්බන්ධයෙන් මෙහිදී සමාලෝචනය කෙරිණි. දෙරට අතර වෙළෙඳ කටයුතු විවිධාංගීකරණය කිරීම සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර අතර හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කෙරුණු බව සඳහන් වේ.
ගුවන් සේවා සහ සංස්කෘතික ක්ෂේත්රය
දෙරට අතර ප්‍රවාහන සම්බන්ධතා සහ සංස්කෘතික බැඳීම් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර ගුවන් සේවා හඳුන්වා දීමට අදාළව තුර්කි ආයෝජන අවස්ථා සොයා බැලීමේ හැකියාව සාකච්ඡාවට ලක්ව තිබේ.
මීට අමතරව සංස්කෘතික සංචාරක කර්මාන්තය මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ කටයුතුවලදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට පවතින ඉඩකඩ පිළිබඳව ද දෙපාර්ශ්වය අවධානය යොමු කළ බව වාර්තා වේ.






