විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරය හොබවන අරුණි රණරාජා මහත්මිය අමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
අද (23) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු කතාවක් ඉදිරිපත් කරමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මේ පිළිබඳව අනාවරණය කරන ලදී.
ඓතිහාසික පත්වීමක්
අරුණි රණරාජා මහත්මිය අදාළ ධුරයට පත් කරනු ලැබුවහොත්, අමෙරිකාවේ තානාපති ධුරයට මෙරටින් කාන්තාවක් පත්වන ඓතිහාසික පළමු අවස්ථාව මෙය වනු ඇති බව සඳහන් වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





