කයිරෝ නගරයේ වරාක් (Warraq) ප්‍රදේශයේ අධිවේගී වටරවුම් මාර්ගයේදී ඊයේ(25) සවස මෙම අනතුර සිදුව ඇති බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පුද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුට අයත් ඉන්ධන ප්‍රවාහන ටැංකි රථයක් ධාවනය වෙමින් තිබියදී අධි-වෝල්ටීයතා විදුලි රැහැනක් මාර්ගයට කඩා වැටී ඇත. ඒ සමඟ රියදුරුට පාලනය කරගත නොහැකි වූ ටැංකි රථය මාර්ගයේ මැද බාධකය මතින් අනෙක් පසට පෙරළී ගොස් තිබේ.
පැතිර ගිය ගින්න සහ සහන සේවා
ටැංකි රථයෙන් ඉන්ධන බිමට හැලීමත් සමඟ විශාල ගින්නක් හටගෙන ඇති අතර, ඒ අසලින් ධාවනය වූ සහ නතර කර තිබූ රථවාහන රැසකටද ගිනි ඇවිලී ගොස් ඇත. පිළිස්සුම් තුවාල ලැබූවන් මෙන්ම දුමාරය නිසා ශ්වසන අපහසුතා ඇති වූ පිරිස් කඩිනමින් අසල රෝහල් වෙත ඇතුළත් කෙරිණි.
සහන සේවා කටයුතු සඳහා ගිලන්රථ 39ක් යොදවා තිබූ අතර, ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යවරයාද රෝහල් වෙත ගොස් තුවාලකරුවන්ට ප්‍රතිකාර දෙන ආකාරය නිරීක්ෂණය කර තිබේ.
පරීක්ෂණ සහ මාර්ගය විවෘත කිරීම
සිද්ධිය පිළිබඳව කලාපීය නීති බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මියගිය අය හඳුනා ගැනීම වෙනුවෙන් ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණ පවත්වන ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වේ.
අනතුරින් පසු අධිවේගී මාර්ගයේ තිබූ පිළිස්සුණු වාහන ඉවත් කර මාර්ගය නැවත ගමනාගමනය සඳහා මේ වන විට විවෘත කර ඇත.






