ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රීය කුල්කර්ණි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සුහද හමුවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මෙම හමුව පැවැත්වුණේ ඊයේ (25) පස්වරුවේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ය.
ද්විපාර්ශ්වික සබඳතා ගැන කතාබහක්
දෙපාර්ශ්වය අතර පැවති මෙම සුහද පිළිසඳරේදී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර තිබේ.
මෙවැනි හමුවීම් පැවැත්වීම හරහා දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව තමන්ට හැඟෙන බව මහින්ද රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





