අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලු රැසක් සාකච්ඡා විය. විශේෂයෙන්ම එකම පාසලක වසර 10කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමේදී පවතින ගැටලු මෙහිදී මතු වී තිබේ.
ඇතැම් ජාතික පාසල්වල වසර 10කට වඩා සේවය කළ ගුරුවරුන්ට මාරු වීමට වෙනත් ජාතික පාසල් නොමැති වීම හේතුවෙන් මතුව ඇති බාධා පිළිබඳව සොයා බැලූ කාරක සභාව, ස්ථාන මාරුවීම් සඳහා පමණක් ජාතික පාසල් සහ පළාත් පාසල් අතර ගුරුවරුන් මාරු කිරීමට ඇති ඉඩකඩ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කර ඇත.
දුර සීමාව සහ තොරතුරු සැඟවීම
ගුරු මාරු මණ්ඩලය නියම කර ඇති කිලෝමීටර් 30ක දුර සීමාව හම්බන්තොට, පොලොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පාසල්වලට ප්‍රායෝගික නොවන බැවින්, එම සීමාව නැවත සමාලෝචනය කරන ලෙස මාරු මණ්ඩලයට දැනුම් දීමට පියවර ගෙන තිබේ. එමෙන්ම උතුරු පළාත වෙනුවෙන් 2027 වසරේ සිට ක්‍රියාත්මක වන නව ගුරු මාරු ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද යෝජනා විය.
ඇතැම් පාසල්වලින් ගුරු සේවා කාලය නිවැරදිව ලබා නොදෙන බවට හා තොරතුරු වසන් කරන බවට සැක පවතින බැවින්, එම පාසල් වෙත භෞතිකව ගොස් පරීක්ෂා කිරීමටත් ගුරු දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමටත් මෙහිදී අවධානය යොමු විය.
පාසල් සංවර්ධනය සහ විද්වත් වාර්තාව
ඉදිකිරීම් අවසන් කර භාර නොදීම නිසා උපකරණ විනාශ වෙමින් පවතින කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රවණාගාරය පිළිබඳව වෙනම විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇත. මීට අමතරව වවුනියාව දිස්ත්‍රික්කයේ චෙම්බලම්කුලම් සහ තාජනිකුලම් පාසල්වල අඩුපාඩු පියවීමට පළාත් ප්‍රතිපාදන ද, හම්බන්තොට ප්‍රාථමික පාසල් පහක ව්‍යාපෘති 12ක් සඳහා ඇස්තමේන්තු ද අනුමත කෙරිණි.
නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න විසින් අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් ඌන උපයෝජනය තුරන් කිරීම සඳහා වන විද්වත් කමිටු වාර්තාව ද මෙහිදී කාරක සභාවට ඉදිරිපත් කර තිබේ.






