රුසියාවේ මොස්කව් නුවර සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූ Azur Air ගුවන් සේවයට අයත් යානයක් හදිසි බෝම්බ බියක් හේතුවෙන් දැඩි පරීක්ෂාවකට ලක් කළ බව වාර්තා වේ.

ගුවන් යානය මත්තලට පැමිණීමෙන් අනතුරුව මෙලෙස පූර්ණ පරීක්ෂාවකට භාජනය කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

කටුනායකට හැරවූ උස්බෙකිස්තාන යානය

මෙම හදිසි ආරක්ෂක තත්ත්වයත් සමඟ ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතුවලට ද සැලකිය යුතු බලපෑමක් එල්ල වී තිබේ.

ඒ අනුව, උස්බෙකිස්තානයේ සිට මත්තල වෙත පැමිණීමට නියමිතව තිබූ තවත් ගුවන් යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට කටයුතු කළ බව වැඩිදුරටත් වාර්තා වේ.