අමෙරිකා එක්සත් ජනපදයේ පැවති මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට දැඩි පසුබෑමකට ලක්වීමට සිදුව ඇති බව වාර්තා වේ. සෙනෙට් සභාවේ බලය පිහිටුවීමට ආසන 51ක් අවශ්‍ය වන අතර, තමන් සතුව තිබූ ආසන 34ට අමතරව තවත් ආසන 20කට ආසන්න ප්‍රමාණයක් දිනාගනිමින් ආසන 54ක් තහවුරු කරගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇත. රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාවේ ආසන 51 සීමාවට ළඟාවීමට නොහැකි වී තිබේ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 435න් බලය පිහිටුවීමට අවශ්‍ය අවම ආසන 218 සීමාව ද ඉක්මවා යමින් ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරියෙන් පසුවේ. වසර දෙකකට පෙර ජනපති ධුරය දිනාගත් රිපබ්ලිකන් පක්ෂයට මෙවර එහිදී දිනාගැනීමට හැකිව ඇත්තේ ආසන 150ටත් අඩු ප්‍රමාණයක් බව සඳහන් වේ. මිලියන 210ක පිරිසක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, හවායි දූපතේ ඡන්ද විමසීම අවසන් වීමත් සමඟ මැතිවරණය නිමාවට පත්විය.

මැතිවරණයේදී අලුත් වූ ඓතිහාසික වාර්තා

මෙවර මැතිවරණයේදී අයෝවා, ඔහායෝ, කැන්සාස් සහ ටෙක්සාස් වැනි ප්‍රාන්තවල සිය බලය පතුරවන්නට ඩිමොක්‍රටික් පක්ෂය සමත් විය. වසර 28කට පසු දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ සෙනෙට් අසුනක් දිනාගත් ඔවුන්, 2008 වසරෙන් පසු පළමු වරට උතුරු කැරොලයිනා අසුනත්, සියවසකට පසු කැන්සාස් ප්‍රාන්තයේ සෙනෙට් අසුනත් හිමිකරගෙන තිබේ.

එමෙන්ම මිචිගන් ප්‍රාන්තය ජයගත් 42 හැවිරිදි අබ්දුල් අල් සායිඩ් එරට පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා බවට පත්විය. නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයෙන් තේරී පත්වූ ක්‍රිස් පප්පාස් පළමු සමරිසි සභිකයා ලෙසත්, ජෝර්ජියා හි ආණ්ඩුකාර ධුරයට පත්වූ කේයිෂා බොටම් පළමු කළු ජාතික ආණ්ඩුකාරවරයා ලෙසත් ඉතිහාසයට එක්වූ බව වාර්තා වේ. මෙම මැතිවරණයේදී ප්‍රාන්ත ආණ්ඩුකාරවරු 36 දෙනෙකු තෝරාගැනීම ද සිදුව ඇත.

“විපක්ෂය හොඳින් කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ ප්‍රතිඵලය දැක තමන් මවිත වූ බව”ඩොනල්ඩ් ට්‍රම්ප්

ආර්ථිකය සහ ඉදිරි අභියෝග

ජීවන වියදම ඉහළයාම, ආර්ථික ගැටලු, ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණික ප්‍රතිපත්ති මෙන්ම ඉරාන යුද්ධය ආදිය මැතිවරණයේ ප්‍රධාන මාතෘකා වී තිබුණි. ඊලෝන් මස්ක් වැනි ධනපතියන් ට්‍රම්ප් වෙනුවෙන් ඩොලර් මිලියන 500ක් පමණ වැය කර තිබූ අතර, ඊශ්‍රායලය වෙත වාර්ෂිකව දෙන ඩොලර් බිලියන 4ක යුද ආධාර අත්හිටුවන බවට ට්‍රම්ප් ප්‍රකාශ කළ ද එයින් ප්‍රතිඵලයට බලපෑමක් වී නැත. මේ අතර ඉරාන ජනතාව වීථි බැස සිය සතුට සමරා ඇති බව ද සඳහන් වේ.

කොංග්‍රසයේ බලය අහිමිවීම නිසා ඉදිරි දෙවසර තුළ පනත් කෙටුම්පත් සම්මත කරගැනීම, බදු හා වියදම් ප්‍රතිපත්ති පවත්වාගෙන යාම ට්‍රම්ප් පාලනයට අසීරු වනු ඇතැයි පැවසේ. එසේම දෝෂාභියෝගයක් පැමිණීමේ අවදානමක් මෙන්ම චීනය, ඉන්දියා, යුරෝපා සංගමය සහ නේටෝ සංවිධානය වැනි ආයතන කොංග්‍රසය සමඟ සෘජුව ගනුදෙනු කිරීමේ ඉඩක් ද පවතී. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට සිය විධායක බලය හා නිශේධ බලය භාවිත කිරීමේ හැකියාව තවමත් පවතින බව විචාරකයෝ පවසති.

ඊළඟට කුමක්ද?

අමෙරිකාවේ නව පාර්ලිමේන්තුව එළඹෙන ජනවාරි 3 වැනිදා සිට බලාත්මක වීමට නියමිතයි.