ඇමෙරිකා මධ්‍යවාර මැතිවරණයේදී එරට පාර්ලිමේන්තුවේ බලය අහිමි වී ගිය ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අරමුණු කරගනිමින් නිර්මාණය වූ අපූරු ඒ.අයි. වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වන බව වාර්තා වේ. මෙම වීඩියෝව ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ ඉන්දියාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය විසිනි.
වීඩියෝවේ දැක්වෙන දේ
මැතිවරණයෙන් පරාජයට පත්වීම නිසා මැසිවිලි නගමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ව ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් විසින් ඔසවාගෙන එළියට රැගෙන එන අයුරු එහි දැක්වේ.
ඉන්පසු ඔවුන් ඔහුව රැගෙන විත් ‘අන්තරාකාර අපද්‍රව්‍ය’ යනුවෙන් නම් කර ඇති කුණු බක්කියකට විසි කර දමන ආකාරය එම උපහාසාත්මක දර්ශන පෙළෙහි ඇතුළත් වේ.






