ශ්‍රී ලාංකේය ඇත් පරපුරේ මහ ඇතා ලෙස සැලකුණු කාවන්තිස්ස ඇතා මියගොස් මාසයක් පිරීම නිමිත්තෙන් මෙම පිංකම සංවිධානය කර ඇත. ඒ සඳහා පූර්ණ බැතිබර දායකත්වය ලබාදෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසිනි.
පින්කම සිදුවන ආකාරය
ගල්ගමුව, බුදුරුවකන්ද රජමහා විහාරස්ථානයේදී මෙම මතකාවර්ජන පිංකම පැවැත්වේ. හෙට (16) සවස 7.00ට ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර, අනිද්දා (17) දිනයේදී සඟසතු මහා දානමය පිංකමක් සිදුකිරීමට නියමිත බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.
කාවන්තිස්සගේ සමුගැනීම
සියඹලන්ගමුව ප්‍රදේශයේ වෙල් යායක වැටී සිටි කාවන්තිස්ස ඇතාට වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම් දැඩි වෙහෙසක් ගෙන ප්‍රතිකාර ලබාදුනි. එහෙත් එම සත්කාර ලබමින් සිටියදීම පසුගිය සැප්තැම්බර් මස 16 වැනිදා ඇතා මෙලොව හැර ගියේය.






