උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රථම වතාවට බෙලරුස් බලා යන ශ්‍රී ලාංකික සිසුන්ගෙන් අය කරනු ලබන පැමිණීමේ වීසා ගාස්තුව නිදහස් කිරීමට බෙලරුස් රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙය සිදුව ඇත්තේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය මැයි මාසයේදී එරට සිදුකළ නිල සංචාරයේ ප්‍රතිඵලයක් වශයෙන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පවුල්වල අයටත් සහන සැලසෙන හැටි

මීට අමතරව බෙලරුස් හි ඉගෙනුම ලබන ලාංකික සිසුන්ගේ පවුලේ සාමාජිකයින්ට එරටට පැමිණීම සඳහා වන වීසා ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් සරල කිරීමට අවශ්‍ය පියවරද මේ වන විට ආරම්භ කර තිබේ.

මෙමගින් බෙලරුස් රාජ්‍යයේ උසස් අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන ලාංකික සිසුන්ට මෙන්ම දැනටමත් එහි සිටින සිසුන්ගේ පවුල්වලට ද මහඟු සහනයක් ලැබෙනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.