නුවරඑළිය, ඩෙස්පෝඩ් ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටී 14 වනදා පෙරවරුවේ අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අනතුරට ලක්වූවන් කවුද?

මෙසේ අනතුරට මුහුණ පා ඇත්තේ කොළඹ සිට නුවරඑළිය දක්වා සංචාරයක් සඳහා පැමිණි බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ගමන් කළ බස් රථයක් සහ වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වීමට යමින් සිටි පිරිසක් රැගත් බස් රථයකි.

බස් රථ දෙක මුහුණට මුහුණ ගැටීමෙන් දෙපිරිසේම අයට තුවාල සිදුව ඇත. කෙසේ වෙතත්, රෝහල් ගත කළ කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව නානුඔය පොලිසිය සඳහන් කළේය.