තමන්ට නැවතත් දේශපාලනයට ඒමට කිසිම බලාපොරොත්තුවක් හෝ උනන්දුවක් නැති බව හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර තිබේ. ඒ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.
ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන දෙකක්
නොවැම්බර් 14 වැනිදා සිය ජීවිතයේ වැදගත් කඩඉම් දෙකක් සනිටුහන් වන බව ඔහු පවසයි. ඉන් පළමුවැන්න වන්නේ පියා අප හැර ගිය පසු එළැඹුණු ඔහුගේ 84 වැනි ජන්ම දිනය සිහිපත් වීමයි.
දෙවැන්න වන්නේ මීට වසර දෙකකට පෙර අද වැනි දිනක තමන් පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීමයි. එහි ප්‍රතිඵලය බලාපොරොත්තු වූ අයුරින් නොලැබුණත් එය වැදගත් පරිච්ඡේදයක් වූ බවත්, ඉන් මාසයකට පසු තමන් දේශපාලන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වූ බවත් ඔහු පෙන්වා දෙයි.
“අද, නොවැම්බර් 14 වැනිදා මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කරනවා. ඉන් පළමුවැන්න මගේ පියාගේ 84 වැනි ජන්ම දිනය සිහිපත් කිරීමයි. ඔහු අප හැර ගිය පසු එළැඹෙන පළමු උපන්දිනය ද මෙයයි..මීට වසර දෙකකට පෙර අද වැනි දිනයක මම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළෙමි. එහි ප්‍රතිඵලය මා බලාපොරොත්තු වූ පරිදි නොවූවද, එය මගේ ජීවිතයේ වැදගත් පරිච්ඡේදයක් විය.”කංචන විජේසේකර
නව වෘත්තීය දිවිය ගැන හෙළිදරව්ව
දේශපාලනයේ නිරතව සිටියදී තමන්ට ලැබුණු අවස්ථා, මඟපෙන්වීම් සහ සහයෝගය දුන් සියලු දෙනාට කෘතඥ වන බව කංචන විජේසේකර මහතා කියා සිටී. දේශපාලනයෙන් ආයතනික ක්ෂේත්රයට මාරු වී දැන් මාස 23ක් ගතව ඇති බව ඔහු සඳහන් කරයි.
මුලින් අර්ධකාලීනව ඇරඹි එම කටයුත්ත දැන් පූර්ණකාලීන කැපවීමක් බවට පත්ව ඇති අතර, එම කාර්යය ඉතා තෘප්තිමත්ව සිදුකරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.






