දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්රාප්ත වූ බව වාර්තා වේ. පසුගිය කාලසීමාව තුළ අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා, පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (14) රාත්රියේ දිවි ගමන නිමා කර ඇත.
දේශපාලන දිවිය හා පසුබිම
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් 2004 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා, අවස්ථා දෙකකදීම පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස තේරී පත් විය. ඊට අමතරව උතුරු පළාත් සභා මන්ත්රීවරයකු ලෙස සහ වැල්වැටිතුරෙයි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
ඔහු කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ළඟම ඥාතියකු ද වන බව සඳහන් වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න




