2026 දිවුරුම් දුන් භාෂා පරිවර්තක (දේශිය භාෂා) විභාගය 2026 නොවැම්බර් මස 29 වැනිදා කොළඹ 10, ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට සැලැසුම් කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනය කරයි.
අයදුම්කරුවන්ට වැදගත් විස්තර
මෙම විභාගයට අදාළ විභාග ප්‍රවේශ පත්‍රය මෙන්ම කාල සටහන ද www.moj.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව සඳහන් වේ.
2026.08.31 දින දක්වා සිංහල / ඉංග්‍රිසි සහ සිංහල / දෙමළ විෂයන් වෙනුවෙන් ඉල්ලුම් කරන ලද අයදුම්කරුවන් සඳහා මෙලෙස විභාගය පැවැත්වෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





