දිවයින පුරා ප්‍රධාන නගර කිහිපයක වාතයේ ගුණාත්මකභාවය අද (19) නැවතත් පහත වැටී තිබෙන බව වාර්තා වේ. මධ්‍යම පරිසර අධිකාරිය අද උදෑසන නිකුත් කළ දත්ත අනුව, වායු තත්ත්ව දර්ශකයේ (AQI) අගය 166ක් ලෙස සටහන් කරමින් දරුණුතම වායු තත්ත්වයක් ඇති නගරය ලෙස යාපනය හඳුනාගෙන තිබේ.
මෙම තත්ත්වය සෞඛ්‍යයට අහිතකර මට්ටමක් බව මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.
තවත් නගර රැසකට බලපෑම්
යාපනයට අමතරව කොළඹ, හලාවත, අනුරාධපුරය, ත්‍රිකුණාමලය සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල ද අද (19) වාතයේ ගුණාත්මකභාවය පහත වැටී ඇති බව සඳහන් වේ. මේ නිසා සෞඛ්‍ය ගැටලු ඇති අය මුඛ ආවරණ පළඳින ලෙසට ද බලධාරීන් දැනුම් දී තිබේ.
හේතුව සහ වර්ගීකරණය
බෙංගාල බොක්කේ ඇති වූ පීඩන අවපාතයක් නිසා නිර්මාණය වූ ප්‍රබල සුළං ධාරා යාපනයේ වාතයේ ගුණාත්මකභාවය පහත වැටීමට හේතු වී ඇති බව වාර්තා වේ.
වායු තත්ත්ව දර්ශකයේ අගය 100ත් 150ත් අතර පවතී නම් එය ‘මධ්‍යස්ථව අහිතකර’ ලෙසත්, 150ත් 200ත් අතර පවතී නම් ‘අහිතකර’ මට්ටමක් ලෙසත් වර්ගීකරණය කෙරේ.






