මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සපයන සියලුම මහජන සේවාවන් ලබන සඳුදා (23) සිට පූර්ව වේලාවන් වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදය ඔස්සේ පමණක් සැපයීමට පියවර ගෙන තිබේ.
මහජනතාවට ඇතිවන අපහසුතා අවම කරමින් වඩාත් පහසුවෙන් සේවය සැලසීම සඳහා 2026.11.23 දිනට පෙර ලබාදී තිබූ දෛනික වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කර ඇති බව දෙපාර්තමේන්තුව පවසයි. මේ නිසා පෙරට වඩා වැඩි පිරිසකට දිනපතා කඩිනමින් සේවාවන් ලබාගැනීමට හැකිවනු ඇත.
වේලාවක් වෙන්කර ගන්නේ මෙහෙමයි
සේවාලාභීන්ට ක්‍රම දෙකක් ඔස්සේ තමන්ට පහසු දිනයක් හා වේලාවක් කල්තියා වෙන්කර ගැනීමට අවස්ථාව සලසා තිබේ. ඒ සඳහා 011 2 117 116 දුරකථන අංකය ඇමතීමෙන් හෝ https://dmtappointments.dmt.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ පහසුකම ලබාගත හැක.
මේ හේතුවෙන් 2026 නොවැම්බර් 23 වන දින සිට නාරාහේන්පිට කාර්යාලය ඉදිරිපිට උදෑසන සිට පෝලිම්වල රැඳී නොසිටින ලෙසත්, කාලය ඉතිරි කරගැනීම වෙනුවෙන් මෙම පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමය පමණක් භාවිත කරන ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.






