Rockstar Games සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Grand Theft Auto VI (GTA VI) ක්රීඩාව හෙට නිකුත් කිරීමට සූදානම් කර තිබේ. මෙය 2013 වසරේ එළිදැක්වුණු Grand Theft Auto V ක්රීඩාවෙන් පසු වසර 13 කට පෙරුම් පුරා බලා සිටි රසිකයන් වෙත ලැබෙන ප්රධානතම නවතම සංස්කරණයයි.
මෙම ක්රීඩාව PlayStation 5 සහ Xbox Series X|S යන ක්රීඩා කොන්සෝල සඳහා ලබා ගැනීමට හැකියාව පවතින බව සඳහන් වේ.
නව කතා තේමාව සහ චරිත
ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තය ඇසුරින් සකස් කළ ප්රබන්ධ ලියොනිඩා ප්රාන්තය මෙහි කතා පසුබිම ලෙස යොදාගෙන තිබේ. මියාමි නගරය ආශ්රිත වයිස් සිටි එහි ප්රධාන නගරයයි.
අපරාධ ලෝකයට සම්බන්ධ ජේසන් ඩුවාල් සහ ලුසියා කැමිනෝස් වටා මෙම කතාව ගෙතී ඇත. GTA ඉතිහාසයේ ප්රථම වතාවට සම්පූර්ණ ප්රධාන චරිතයක් ලෙස කාන්තා චරිතයක්, එනම් ලුසියා හඳුන්වා දීම විශේෂත්වයකි. මෙයට අතිනවීන රූප තාක්ෂණය සහ සවිස්තරාත්මක පරිසරයක් එක් කර ඇත.
ලොව පුරා දැඩි උනන්දුවක්
මෙම ක්රීඩාවේ නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් ඉක්මවිය හැකි බව ක්ෂේත්රයේ ඇස්තමේන්තු කර ඇති බව වාර්තා වේ.
ක්රීඩාව නිකුත් වන දිනය වෙනුවෙන් සමහර රටවල ක්රීඩකයින් රැකියා නිවාඩු පවා ලබාගෙන ඇති අතර, සේවකයන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්රියාත්මක කිරීමටද ඇතැම් සමාගම් පියවර ගෙන ඇත.






