යාපනය සහ චෙන්නායි අතර අද (19) දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. වායු ගුණාත්මක මට්ටම සීඝ්රයෙන් පහත වැටීම මෙන්ම ගුවන් ගමන් පවත්වාගෙන යාමට අවශ්‍ය පැහැදිලි දෘශ්‍යතාව නොමැති වීම ඊට මූලික හේතුව වී ඇති බව වාර්තා වේ.
ගුවන් යානා ගොඩබෑමට බාධා
පවතින අයහපත් තත්ත්වය හමුවේ ගුවන් යානා පිටත්වීමට මෙන්ම ගුවන්තොටුපොළ වෙත ගොඩබෑමටත් දැඩි බාධා මතුවීම නිසා මෙම තීරණය ගෙන ඇත.
මේ අතර යාපනය ප්‍රදේශයේ වායු ගුණත්ව දර්ශකය 200 ඉක්මවා ගොස් ඇති අතර එය සෞඛ්‍යයට බෙහෙවින් අහිතකර මට්ටමක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියි.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





