වැල්ලවාය අලිකොටආර ජලාශයේ ජල පෝශක ප්රදේශවලට මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනයත් සමග එහි ජල මට්ටම ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කිරිදිඔයේ ජල මට්ටමත් ඉහළට
ජල ධාරිතාව ඉහළ යාම හේතුවෙන් අලිකොටආර ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.
එමගින් පිටවන ජලය කිරිදිඔයට මුදා හැරීම හේතුවෙන් කිරිදිඔයේ ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





