එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හි ෂෙයික් කලීෆා බින් සයිඩ් ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ අතිශය කණගාටුදායක රිය අනතුරක් සිදුවිය. පාලනය ගිලිහුණු ට්‍රක් රථයක් අනෙක් වාහනවල ගැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම අනතුර නිසා ඉන්දීය ජාතිකයින් ද ඇතුළුව 30කට අධික පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බව සඳහන් වේ.
ගින්නක් හටගෙන හානිය වැඩිවෙලා
අනතුර සිදුවූ අවස්ථාවේදීම ට්‍රක් රථයේ හදිසි ගින්නක් හටගෙන ඇති අතර, එය තවත් වාහන කිහිපයකටම ක්ෂණිකව පැතිර ගොස් තිබේ. එම ගින්න හේතුවෙන් ජීවිත හානි සංඛ්‍යාව තවත් ඉහළ ගිය බව පැවසේ.
අධික රථවාහන තදබදය නිසා මාර්ගයේ සෙමින් ගමන් කරමින් තිබූ වාහන පෙළක් දෙසට මෙම ට්‍රක් රථය පාලනයෙන් තොරව කඩා වැදී පෙරළී ගොස් ඇති බව ෆුජයිරා පොලිසිය ප්‍රකාශ කර තිබේ.






