ලබන සෙනසුරාදා එනම් 14 වනදා පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බව වාර්තා වේ. බියගම ජල පවිත්‍රාගාරයට විදුලිය ලබාදෙන පද්ධතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

බලපෑමට ලක්වන ප්‍රදේශ

පැළියගොඩ, වත්තල - මාබෝල, ජාඇල මෙන්ම කටුනායක - සීදූව නගර සභා බල ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම බලපානු ඇත.

ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙන්ම කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල කොටසකට ද ජලය අත්හිටුවන බව සඳහන් වේ.

ජනතාවට කළ දැනුම්දීම

මෙම තත්ත්වය හමුවේ පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කනගාටුව පළ කර තිබේ. එමෙන්ම අවශ්‍ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙසත්, එය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙසත් මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.