හැටන්ඔය පිටාර ගැලීම නිසා හැටන් පිලිහතර ප්රදේශයේ නිවාස 30ක් පමණ ජලයෙන් යටවී තිබේ. එම නිවෙස් තුළ අඩි 3-4 දක්වා උසකට වැසි ජලය සහ මඩ පිරී පැවති බව සඳහන්ය.
මේ හේතුවෙන් නිවෙස් තුළ සිරවී සිටි පිරිස් දැඩි පරිශ්රමයක් දරා මුදාගැනීමට පදිංචිකරුවන් මෙන්ම ප්රදේශවාසීන්ද කටයුතු කර ඇත.
නිතර සිදුවන පීඩාව ගැන ජනතාවගෙන් චෝදනා
හැටන් ඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගය අවහිර වීමෙන් එම ඇළ පිටාර ගලා යාම නිසා කාලයක් පුරාවට තම නිවාස මෙලෙස ආපදාවට ලක්වන බව පදිංචිකරුවෝ පවසති.
නිවෙස් තුළට වැසි ජලය ගලා ඒම නිසා එහි තිබූ පෞද්ගලික බඩු භාහිර ආදියද විනාශ වූ බව පීඩාවට පත් ජනතාව වැඩිදුරටත් සඳහන් කරයි.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





