පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අද (10) පස්වරුවේ නුවර කොළඹ ප්රධාන මාර්ගයේ කඩුගන්නාව ප්රදේශයෙන් පස් කඳු සහ විශාල ගල් පර්වත මාර්ගයට පෙරළී තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගත් බව මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේය.
විකල්ප මාර්ග භාවිත කරන්නැයි දැනුම්දීමක්
මෙම අනතුරුදායක තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස කඩුගන්නාව සහ ගනේතැන්න අතර මාර්ග කොටස හෙට (11) උදෑසන 6.00 දක්වා වසා තැබීමට පොලිසිය පියවර ගෙන ඇත.
එමෙන්ම මාර්ගයට ගල් පෙරළීම නිසා ඒ අසල නවතා තිබූ යතුරුපැදියකට හානි සිදුව ඇති බවද වාර්තා වේ. මේ නිසා අදාළ මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස මහනුවර දිස්ත්රික් ලේකම්වරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.






