මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීමට එන සේවාලාභීන් නොමඟ යවන තැරැව්කරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙසට අනතුරු අඟවා තිබේ. සේවාලාභීන්ගේ පහසුව වෙනුවෙන් එක්දින සේවාවන් සඳහා වෙලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම් මේ වන විටත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙන්ම දුරකථනයෙන්ද සලසා ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රාදේශීය මට්ටමින් ලේඛන භාරදීමේ පහසුකම්
සාමාන්‍ය වාහන අයිතිය පැවරීමේ ලිපි ලේඛන භාරදීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයටම පැමිණීම අවශ්‍ය නොවන බවත්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ද ඒ සඳහා පහසුකම් සලසා ඇති බවත් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
නිල නොවන ක්‍රමවලින් වැළකී සිටින්න
නිල ක්‍රමවේද අනුගමනය නොකර දෙපාර්තමේන්තු පරිශ්‍රය ඉදිරිපිට රැස්වීමෙන් තැරැව්කරුවන්ට හසුවීමේ දැඩි අවදානමක් පවතින බව නිරීක්ෂණය වී තිබේ.
එම නිසා සෑම විටම හඳුන්වා දී ඇති නිල ක්‍රමවේද පමණක් අනුගමනය කරන ලෙසත්, බලයලත් නිලධාරියෙකු පමණක් සෘජුව හමුවී උපදෙස් ලබාගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. පරිශ්‍රය අසල සිටින කිසිදු තැරැව්කරුවෙකු සමඟ ගනුදෙනු නොකරන ලෙසත්, එසේ වුවහොත් මුදල් සහ ලිපි ලේඛන අහිමි වීමේ අවදානමක් ඇති බවත් වැඩිදුරටත් දැනුම් දෙයි.






