පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් තුන්නමක් අද (11) පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. මෙම උපවාසය රුවන් වැලි සෑය අභියසදී ආරම්භ කර ඇති බව වාර්තා වේ.
උපවාසයට හේතු වූ කරුණු
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවීම සහ පූජ්‍ය ඥානසාර හිමියන් වෙත ජනාධිපති සමාව ලබාදීම යන කරුණු මුල්කරගනිමින් උන්වහන්සේලා මෙම පියවර ගෙන ඇත.
මෙම ඉල්ලීම් වෙනුවෙන් පසුගිය දින කිහිපය පුරාම රුවන් වැලි සෑය අභියස සත්‍යග්‍රහයක් ද පවත්වා ඇති අතර, ඒ අතරතුර පූජ්‍ය කස්සප හිමි ඇතුළු හිමිවරුන් තුන්නම මෙලෙස මාරාන්තික උපවාසයට එක්ව තිබේ.
නවතම පුවත් කෙලින්ම ඔබේ දුරකථනයටWhatsApp සහ Telegram හරහා දිනපතා යාවත්කාලීන
දායක වන්න





