යුරෝපයේ ශීත කාලය උදාවීමත් සමඟ පෝලන්තයේ සිට මෙරටට විශේෂ ගුවන් ගමන් වාර ආරම්භ කර තිබේ. ඒ අනුව එන්ටර් එයාර් (Enter Air) ගුවන් සේවය මගින් ක්‍රියාත්මක කළ මංගල ගුවන් ගමන් (Inogaral Flight) තුනකින් සංචාරකයින් 550 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණි බව වාර්තා වේ.

පැමිණි ගුවන් යානා විස්තර

මෙම මෙහෙයුම් සඳහා එන්ටර් එයාර් සමාගම බෝයිං - 737 වර්ගයේ ගුවන් යානා 03 ක් යොදවා තිබුණි. ඒ අනුව කැතොවිස් (Katowice) නුවර සිට ඊ.එන්.ටී.- 7607 දරන යානයත්, උදෑසන 07.40 ට පොස්නන් (Poznaan) නුවර සිට ඊ.එන්.ටී.- 1913 දරන යානයත් කටුනායකට පැමිණ ඇත.

මීට අමතරව වෝර්සෝ (Worsaw) නගරයේ සිට පිටත් වූ ඊ.එන්.ටී.- 1561 දරන ගුවන් යානය උදෑසන 09.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බව සඳහන් වේ.

ඊළඟට කුමක්ද?

අද දින සිට ඉදිරියට එළඹෙන 2027 වසරේ අප්‍රේල් 2 වැනි දින දක්වා සෑම දින 10 කට වරක්ම මෙම නගරවල සිට අදාළ ගුවන් යානා මගින් මෙරටට සංචාරකයන් රැගෙන ඒමට නියමිතව ඇත.